Colombo Today Local News

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

ෆාමසි ලියාපදිංචිය, ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචිය සිදුකර ඇති ලිපිගොනු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය දෙසතියකට අධික කාලයක් තිස්සේ බිඳ වැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපා​ර්තමේන්තුව සහ ඖෂධ නියාමන සැපයීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුනමනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29)දින පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

පෞද්ගලික සමාගමක් විසින් පරිගණක දත්ත පද්ධතිය සකස් කර තිබේ. මෙම පරිගනක දත්ත පද්ධතියේ ෆාමසි ලියාපදිංචි කිරීම, ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීමේ ලිපිගොනු 15000-20000ත් අතර ප්‍රමාණයක් තිබේ.

එම ලිපි ගොනු විනාශ වී නොමැති බවත් ලිපිගොනුවල ලිපි නිසි පරිදි ගොනු වී නොමැති බවත් පෞද්ගලික සමාගම ඊයේ (29)දින පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

පරිගණක දත්ත පද්ධතිය නිසි පරිදි සකස් කර ලිපි ගොනු සකස් කර නැවත ලියාපදිංචි කිරීම් ආරම්භ කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ. මෙම පද්ධතිය ජූලි මස නව වනදා අක්‍රිය වී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියට එය වාර්තා වී ඇත්තේ ජූලි මස 12 වැනිදාය. මෙම අක්‍රියවීම බරපතළ තත්ත්වයක් බවට අධිකාරිය විසින් ජූලි මස 20 වනදා හඳුනාගත් බව එහි සභාපති වෛද්‍ය රසික විජේවන්ත ප්‍රකාශ කළේය.

මෙම පෞද්ගලික සමාගමේ මෘදුකාංග ඉන්ජි​නේරුවරයකු විසින් මෙය සිදුකර ඇති බව සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී තිබේ. පරිගණක පද්ධතිය බිඳ වැටීම සැලසුම් සහගත ක්‍රියාවලියක්ද, අත්වැරැදීමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය. මෙම පරිගණක පද්ධතිය පවත්වාගෙන යාම වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමාගමට මේ වන විට ලක්ෂ 280ක්ද ගෙවා ඇත.

Related posts

“ලංකාවේ ඊළම හදන්න ඇපකැප වෙනවා” තමිල්ණාඩු ද්‍රවිඩයන් කුලප්පු කර ජයලලිතා ඡන්ද ගරයි

colombotoday

තහනම් භාණ්ඩ සඟවා ගෙන සිටි රැඳවියෝ දෙදෙනෙක් මාට්ටු

colombotoday

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට වැඩපිළිවෙලක්

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

හිටපු කොටින් දෙදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් ලෙස එක්නැලිගොඩ නඩුවට සාක්ෂි දෙයි!

colombotoday