Colombo Today Local News

15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන මුදලට විකුණලා

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් උපයා ගැනීම ද සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන් වෙන්ව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ යැයි ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (29)දින කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නා.

දැරිය නිරුවත් කර එකී දර්ශන අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම ද එකී ජාවාරම්කරු විසින් සිදුකර ඇතැයි ද අධිකරණයට පැවසූ ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන නිලධාරීහු එලෙස මුදල් ගෙවා එකී ලිංගික දර්ශන නැරඹු පුද්ගලයන් තිදෙනකුගෙන් මේ වනවිටත් ප‍්‍රකාශ සටහන් කර ඇතැයි ද අධිකරණයට සඳහන් කර තිබේ.

ගෙවන මුදල අනුව එකී ලිංගික දර්ශන නැරඹිමට ලබාදෙන කාලය තීරණය වන බවත් විනාඩි 5 – 10 වැනි කාලයක් නැරඹීමට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම සඳහා රුපියල් 5000 – 8000 ක් වැනි මුදලක් අයකර ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට සඳහන් කර ඇත.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක් පත් කරයි

colombotoday

මාර්ග අනතුරුවලින් මේ වසරේ දරුවන් 115ක් මරුවාට බිලි

Admin

අද සිට ක්‍රියාත්මක වන Online පනත

Admin

තුෂාන්ගේ ප්‍රකාශය ගැන බන්දුලගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක්

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

colombotoday