Colombo Today Local Newsextremism & terrorism activities

ජනපතිත් ආ ලෝක තැපැල් දින උළෙලේ ආගමික වතාවත් නෑ.. මහා සංඝරත්නය නැගිට යයි !

 

ලෝක තැපැල් දින 143 වන සැමරුම ඊයේ 09 පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැති අවස්ථාවේදී පන්සිල් සමාදන් වීම ඇතුළු ආගමික වතාවත්වලට තැනක් දීමට එහි සංවිධායකයන් කටයුතු කර නොතිබුණු බව වාර්තා වේ.

වැඩම කර සිටි සංඝයා වහන්සේලා මේ හේතුවෙන් මද වෙලාවක් එම ස්ථානයේ රැදී සිටීමෙන් අනතුරුව නික්ම ගොස් ඇත.

මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් ඇමති එම්.එච්.ඒ හලීම්ගේ නියෝග පරිදි සංවිධානය කර තිබුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

ඕනෑම උත්සවක් ආරම්භයේදී ආගමික වතාවත්වල යේදීම චිරාගත සම්ප්‍රදායක් වෙයි. රාජ්‍ය නායකය සහභාගී වන උත්සවවලදීද මෙතෙක් කලක් එම සම්ප්‍රදාය අනුගමනය කළේය. සෙත් පිරිත් සඡ්ඡායනය කිරීමද බොහෝ අවස්ථාවලදී සිදුවිය. “සංදියාවේ“ නාමයෙන් දැන් ඒවාට ඉඩ නැත.. “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම රජයේ වගකීමක්“ යැයි වදනක් නාමිකව හෝ ව්‍යවස්ථාවේ පවතිද්දී, රාජ්‍ය නායකයා ඉදිරියේදීම අන්තවාදීන්ගේ උවමනාවන් මෙලෙස ඉටුවෙනවානම්, වචන හරඹවලින්, යටි උගුල්වලින් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ නව ව්‍යවස්ථාවෙන් ඉවත් කළහොත් සිදුවන ටික හිතාගත හැකිය..

Related posts

මහනුවර නව රදගුරු ලෙස වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා වතිකානුවෙන් පත්කරයි.

colombotoday

වැල්ලවත්ත සැවෝයි සිනමා හළ අසල පිපිරීමක්

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

නීතිඥ සංගමයේ ලේකම්ගේ පියාට අල්ලස් චෝදනා

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය තීන්දු කරයි !

colombotoday

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday