Colombo Today Local News

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

සහල් ආනයනය කිරීම සදහා රජය ලබා දී ඇති බදු සහනය මුවාවෙන් පොළොන්නරුවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයෙක් ඉන්දියාවෙන් අඩු මිළට සහල් ගෙන්වා, මෙරට වෙළද නාමයෙන් දේශීය වෙළදපලට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම ජාවාරම හරහා අදාල ව්‍යාපාරිකයා එක සහල් කිලෝවකින් රුපියල් 30ක ලාබයක් ලබන බවද එම සංගමය පෙන්වා දෙයි. එම ව්‍යාපාරිකයා මේ වන විට විශාල හාල් තොගයක් ආනයනය කර ඇති බවත්, ලංකාවේ වෙළද නාමයකින් ඉන්දියාවේ ලාබ හාල් වැඩි මිලට ලංකාවේ පාරිභෝගිකයන්ට කවමින් නින්දිත වැඩක නිරතව සිටින බව, එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

වැඩබැරියාව ජාතිවාදයෙන් වහගන්න බැරිවෙයි.. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday

රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට සූදානම් – ජාජබ න් කෙටි කාලීන යෝජනා මාලාවක්

colombotoday

අමිල ප්‍රියංග පැහැරගැණීමේ සිද්දිධිය ගැන හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි

Admin

දංකොටුව සතිපොළ මුස්ලිම් වෙළෙද ප්‍රජාවට තාවකාලිකව තහනම් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රා.ස. සභාපති ඉල්ලයි

colombotoday

සිංහලයන්ට පමණක් රටේ නායකත්වය දෙනු බෑ.. දෙමළ, මුස්ලිම් අයටත් උප ජනාධිපති තනතුරක් ඕන..

colombotoday