ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මිය යන්නේ යැයි අනාවැකියක් කීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ ජෝතිෂවේදී විජිත රෝහණ විජේමුණි මහතා නැවත වතාවක් වීඩියෝවක් නිකුත් කර ඇත.
තමන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ තවත් ජෝතිෂවේදියෙකු ජනාදිපති මාධ්‍ය ඒකකයේ සේවක කරන රූපවාහිනී නිවේදකයකු සමග කරන ලද කුමන්ත්රණයක ප්රතිඵලයන් නිසා බවද හෙතෙම පවසයි.