Colombo Today Local News

ජනපතිගේ අගමැතිගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි !!

තොරතුරු දැනගැනීමේ පනතේ ඇති නීති ප්‍රතිපාදන යටතේ ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉල්ලා තිබේ.

මෙයට අමතරව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ඇති පැමිණිලි ප්‍රමාණය හා මෙතෙක්‌ විභාග කර ඇති පැමිණිලි පිළිබඳව ද තොරතුරු ඉල්ලා සිටි බව එම ආයතනයේ තොරතුරු දැනගැනීමේ කළමනාකාරිනී සංගීතා ගුණරත්න මහත්මිය පැවසුවාය.

සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකළ ආයෝජනයන් හා ආයෝජන කළ යුතු මාර්ගෝපදේශයන් ඇතුළත් තොරතුරු රැසක්‌ ද ඉල්ලා සිටි බව ඇය සඳහන් කළාය.

තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වුවද රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තවමත් එම තොරතුරු ලබාදීමට නිසි අවබෝධයක්‌ නැතැයි ද තොරතුරු දැනගැනීමට ඇති අයිතිය හා තොරතුරු ලබාදීමට ඇති වගකීම පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බව ද ගුණරත්න මහත්මිය පැවසුවාය.

රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගත හැකි ඉල්ලුම්පත්‍ර තම දිස්‌ත්‍රික්‌ කාර්යාල මගින් ලබාදීමට පියවර ගෙන ඇති බව ද ඊයේ (06) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.

Related posts

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

colombotoday

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

colombotoday

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

colombotoday

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday