Colombo Today Local News

කොස්, ක්‍රෝටන් හා තණකොළ නිසා දකුණු පළාත්සභාව උණුසුම් වෙයි

දකුණු පළාත් සභාව අද (24දා) රැස්වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සංධානමන්ත්‍රීවරුකොස් කොළ සහ ක්‍රෝටන් කොල සභාවට ගෙන ඒමත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරයකු ඊට ප්‍රතිචාර ලෙස තණකොළ මිටක් සභා ගැබට ගෙනඒමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විණි.

අදපෙරවරුවේ දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්වූ අවස්ථාවේ මෙම උණුස්ම්කාරී තත්ත්වය ඇති විය.

දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් (එ.ජ.නි.ස.) මහතා කොස් කොළ මාලයක් පැලඳගෙන සභාගැබට පැමිණියේය.

මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී. පියසිරි (එ.ජ.නි.ස.) මහතා සභාවේ සිටි ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට ක්‍රෝටන් කොළ බෙදාදෙනු දැකිය හැකි විණි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ධනවංශ ද සිල්වා මහතා සභාගැබට කොස් කොළ ගෙන ආ අය දියයුත්තේ තණකොළයැයි තණ කොළ මිටක් ප්‍රදර්ශනය කරමින් පැවසීය.

Related posts

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

Admin

ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.

colombotoday

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ගව වෛරසය දිස්ත්‍රික්ක 14ක පැතිරෙයි.

colombotoday

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

Admin

ඉන්දියාවේ සහයෙන් පළාත් සභා අහෝසි කරන්න දෙන්නේ නැ. උතුරු නැගෙනහිරට තනි පාලන බලයක් ඕනි. | සුමන්තිරන් කියයි.

colombotoday