Colombo Today Local News

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ගව වෛරසය දිස්ත්‍රික්ක 14ක පැතිරෙයි.

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් වෛරස් රෝගය මේ වනවිට ගවයින් 7500 කට අධික සංඛ්‍යාවකට වැළඳී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා පැවසුවේ, පසුගිය වසරේ සැප්තැම්බර් මස තුළදී ප්‍රථම වරට මෙරටින් හඳුනාගත් එම වෛරසය රෝගය මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක14ක ව්‍යාප්තව ඇති බවයි.

ඒ පිළිබඳ සොයා බැලීමට පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය 07 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුවට රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙසය.

Related posts

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යන් සඳහා පමණයි…

colombotoday

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

ඖෂධ අධිකාරියේ දත්ත මැකු එපික් ලංකා ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday