Colombo Today Local News

නිවසටම ගිහින් කොවිඩ් රෝගීන්ට බෙහෙත් කරපු හොර දොස්තර අතටම මාට්ටු

කොරෝනා ආසාදිත රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු හා සහායකයෙක් කැස්බෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහපොළ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් පැමිණි, වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර තිබූ වෑන්රථය හා එහි තිබූ වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ තොගය ද පොලිස් භාරයට ගෙන තිබේ.

කහපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවාසවලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායමක් සිටින බවට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියට ලද පැමිණිලි කිහිපයක් අනුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

එහිදී පැමිණිලිකරුවන් විසින් ලබාදුන් තොරතුරු මත අදාළ සැකකරුගේ ජංගම දුරකථන අංකය සොයාගැනීමට වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියට හැකිව තිබේ.

පසුව ඇය විසින් එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට හඳුන්වාදෙමින් එම දුරකථන අංකයට කතා කර තම සහෝදරයා කොරෝනා ආසාදිත යැයි පවසා ඇත.

අනතුරුව වෛද්‍ය අදාළ සැකකරු පවසා ඇත්තේ නිවසට පැමිණ ප්‍රතිකාර කිරීමට රු 11,000 – 13,000ක පමණ මුදලක් වැය වන බවය.

පසුව එයට එකඟවු වෛද්‍යවරිය සැකකරුට නිවසට පැමිණ ප්‍රතිකාර කරන ලෙස දන්වා තිබේ.

අනතුරුව කැස්බෑව පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග ජයරත්න මහතාට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව, උපාය මාර්ගිකව එම නිවසේ රැඳී සිට අදාළ සැකකරුව සහ සහයකයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙලෙස කොවිඩ් ආසාදිත රෝගීන් කිහිපදෙනෙකු මුලාකර මුදල් ලබාගත් බවට පවසා තිබේ.

ව්‍යාජ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයාට විදෙස් රටක වෛද්‍ය උපාධියක් ඇති බව පැවසුව ද එය සනාත කිරීමට ලේඛන කිසිවක් ඔහු සතුව තිබී නැති අතර, සහයකයා ඇඟලුම් කම්හලක හිටපු සේවකයෙක් බවට අනාවරණය වී ඇත.

Related posts

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

colombotoday

පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාශයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

colombotoday

කෝටියක හෙරොයින් තොගයක් සමග 4ක් STF අත්අඩංගුවට

colombotoday

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday

ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධි අංශ කල්තියා දැනුවත් කළත් ආරක්ෂක මණ්ඩලය රැස්වී නැහැ….

colombotoday