ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඔමික්‍රොන් ප්‍රභේදය නැවතත් ශීඝ්‍රයෙන් හිස ඔසවන බවක් පෙනෙන මොහොතක දී මීට පෙරත් පාර්ලිමේන්ති මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, රෝහිණී කවිරත්න ඇතුළු තවත් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය වූ අතර, බූස්ටර් එන්නත් ලබා නො ගෙන අවදානම සුළුවෙන් තැකීම නුවණට හුරු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.