Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඩොලර් බිලියනයක් පමණ ණය ගෙවීමට ඇති බවත් ඉන් බහුතරය රජයට ගෙවිය යුතු බවත් එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

ලංකා බැංකුවට ඩොලර් මිලියන 220ක්, මහජන බැංකුවට ඩොලර් මිලියන 187ක් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 275ක් ලෙස ප්‍රධාන වශයෙන් ගෙවීමට ඇතැයි ඔහු පැවසීය.

තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පාඩු ලබමින් ඇති ගුවන් සේවය වසරක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකිවේ යැයි අනුමාන කළ බවත් කොරෝනා වෛරසය නිසා ඊට බාධා එල්ල වූ බවත් මාධ්‍ය අමතමින් ඔහු කීය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කර ඇති පාඩුව ඩොලර් මිලියන 130කි. විශේෂයෙන්ම කොරෝනා තත්ත්වය නිසා ගුවන්තොටුපළ වසා දැමීමට සිදුවීමෙන් තම ආයතනයට විශාල පාඩුවක් සිදුව ඇතැයි පතිරගේ මහතා පවසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාර්තු 19 වැනි දා සංචාරකයින් සඳහා වසා දැමුණු අතර එය අගෝස්තු 01 වැනි දා නැවත විවෘත කිරීමට නියමිතය.

Related posts

අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන්න. සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි

colombotoday

විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් කිරීම

colombotoday

විදුලි සැර වැදී තරුණයෙකු මරුට

Admin

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

colombotoday

ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් හදයි

colombotoday