Colombo Today Local News

තේ කර්මාන්තශාලාවේ ගින්නකින් ලක්ෂ 80ක අලාභ හානි

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඕලුගංතොට ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක අද (28) දින ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.

කර්මාන්තශාලාවේ හට ගත් ගින්න හේතුවෙන් ඇඔරිමට සුදානම් කර තිබු තේ දළු සහ නිමි තේ කොළ විශාල තොගයක් විනාශ වි ඇති බවත් මෙි හේතුවෙන් රුපියල් ලක්ෂ අසුවක අලාභ හානියක් සිදුව ඇති බවත් එහි හිමිකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

මේ අතර ගින්න හට ගැනිම හේතුවෙන් තේ කර්මාන්තශාලාවෙි තේ නිෂ්පාදනය කිරිම නතර කර ඇති අතර එම තේ දළු වෙනත් තේ කර්මාන්තශාලාවකට රැගෙන යැමට එහි කළමනාකරු කටයුතු කර ඇත.

එම තේ කර්මාන්තශාලාවෙි හටගත් ගින්න ව්‍යප්ත විමට නොදි එහි සේවකයින් සහ ප්‍රදේශවාසින් විසින් නිවා දැමිමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

ගින්න ඇති විමට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලිසිය වැඩි දුරටත් පොලිසිය පැවැසීය.

Related posts

රිස්වාන්ගේ කඩෙන් ටොෆි කෑ ගල්කිස්සේ සිසුවියන් සිහිසුන්ව රෝහලේ.. කඩේ තාමත් විවෘතයි.. පොලිසිය නඩුව යට ගහයි !

colombotoday

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

Admin

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

colombotoday

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin