World

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගන් වැසියන්ට තහනම් කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ජනතාවට මෙම තහනම පවනා ඇති බව වාර්තා වෙයි.

නීති උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් අගනුවර කොණ්ඩා කපන ස්ථාන කිහිපයකට තලෙබාන් සංවිධානය විසින් මේ බව දැනුම්දී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත් තල‍ෙබාන් සංවිධානය ඔවුන්ගේ නීතිවලට විරුද්ධවන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙමින් සිටී.

පසුගියදා සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කර මාර්ගවල එල්ලා තැබීමට ද කටයුතු කර තිබුණි.

Related posts

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday

අන්තවාදීන් රට තුලට එනවා – කුවේටය මුස්ලිම් රටවල් 5ක් තහනම් කරයි

colombotoday

ISIS සතු ගුවන් යානා නාශක මිසයිල පද්දතිය විනාශයි – ඉලක්ක 33 කට රුසියානු ප්‍රහාර

colombotoday

පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.

colombotoday

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

colombotoday

මුස්ලිම් වීම නිසා හිටපු ඇමරිකානු බොක්‌සිං ශූර මොහොමඩ් අලීගේ පුත්‍රයා ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday