Colombo Today Local News

තියුණු ආයුධයකින් ඇන කල තවත් පුද්ගල ඝාතනයක්

මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පසු එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා දර කපා වෙළෙඳාම් කරන අතර, ඔවුන් ඊයේ (26) උදෑසන ඔවුන්ට අයත් කැබ් රථයකින් දර පැටවීම සඳහා ඕලුතුඩුවායි දෙස සිට කොනාර්පන්නෛයි ප්‍රදේශයට ගමන්කරමින් සිට ඇත.

එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන මරණකරු සැකකරුවන් පැමිණි කැබ් රථය නවත්වන ලෙස සංඥා කර තිබේ.

එම අවස්ථාවේ දී කැබ් රථය නතර කර ඇති අතර මරණකරු විසින් එම රථයේ දොර විවෘත කර රිය සහයක එළියට ඇද දමා ඔහුට පහරදී ඇත.

පොලීසිය පැවසුවේ අනතුරුව එම පුද්ගලයා පහරකෑමෙන් බේරීම සඳහා මාර්ගයේ ඉදිරියට දිව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයා විසින් ඔහු හඹාගොස් ගලකින් පහරදීමට උත්සහ දරා තිබේ.

ඉන් බේරීමට බිම දිගාවු පුද්ගලයාට මියගිය පුද්ගලයා විසින් පිහියෙන් ඇනීමට උත්සහ කළ අවස්ථාවේ දී පහරකෑමට ලක්වු පුද්ගලයා විසින් මරණකරුගේ පිහිය උඳුරාගෙන ඔහුට පිහියෙන් කිහිපවතාවක් ඇන ඝාතනය කර ඇතැයි මෙතෙක් සිදුකර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනය ට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කැබ් රථයේ රිය සහයක සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්…

colombotoday

කට වරද්දාගත් රන්ජන් 7 වැනිදා උසාවි කැදවයි….

colombotoday

ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති හමුවක්

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

පොල් ගෙඩියෙන් කොමිස් යන්නේ කාටද?

Admin

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday