කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි කොළඹ මහ නගර සභාව සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබේ.
මීට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් 24 දින ප්‍රකාශයට පත් කර ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයකින් මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන තිබේ.