අභාවප්රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්රමනායක මහතාගේ දේහය අවසන් ගෞරව සදහා අද පාර්ලිමේන්තුවට ගෙන එන ලදි.
කතානායක කරු ජයසුරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපපක්ෂ නායක ආර්. සම්බන්ධන් ආදී පක්ෂ නායකයන් ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
අගමැතිවරයා විදෙස්ගතව සිටීම හේතුවෙන් එම අවස්ථාවට සහභාගී නොවූ අතර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද එම විශේෂ අවස්ථාවට එක්ව සිටියේ නැත.