හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව මේ මහා ණය කන්දරාව ගෙවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා තමන් හා පැවසූ බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
පසුගියදා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවක තමන් වහන්සේ කල විමසීමකට ජනාධිපතිවරයා පිලිතුරක් ලෙස එසේ කී බවද උන් වහන්සේ කීහ.
වරාය විකුණන්නේ ණය ගෙවන්නමදැයි විමසූ විට ‘ණය ගෙවන්නම නොවෙයි. අවශ්‍ය කරන පඩි නඩි ගෙවන්න. විය පැහැදම් කරන්න’ යයි ජනාධිපතිවරයා කී බවද එහිමියෝ කීහ.