Colombo Today Local News

දේශීය බීජ අයිතිය බංග්ලාදේශ සමාගමකට.. රට්ටුන්ගේ බත් කෑමේ අයිතියත් නොරටුන්ට !!

පසුගියදා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති බංග්ලාදේශයට ගියේය. බංග්ලාදේශය යනු අපි නොපිළිගත්තත් එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ අපට පසුපසින් සිටින රටකි. එහෙත් පෙරදිග ධාන්‍යාගාරයේ ජනාධිපති එරට සමග සහල් ආනයනය සඳහා ගිවිසුමක් අත්සන් කරන්නේය. මේ ජනපති කෙසෙල්වත්තෙන් පත්වූවා නම් කොළඹ හතෙන් පත්වූවා නම් කමක් නැත. ඔහු ආවේ පොලොන්නරුවෙනි. ඒ මේ රට පෙරදිග ධාන්‍යාගාරය කළ පරාක්‍රමබාහු මහ නරනින්දාගේ නුවරයි. එහෙත් පක්ෂය මොක වුනත් ජනාධිපති යනු නායකයා නොවේ. ඔහු මොන ප්‍රවාද ප්‍රලාප දෙසාබෑවද තමාට මුක්කු ගසා සිටින පක්ෂ, පුද්ගලයින්ගේ රූකඩයකි. ඔහුට ජනතාවට වගකීයන්නට වුවමනාවක් නැත. මේ ක්‍රමයේ ජනාධිපතිලාට ආත්මගරුත්වයක් හෝ ලැජ්ජාවක් කොහෙත්ම නැත. තමා ගොයියකුගේ පුතෙක් යැයි පුරසාරම් දෙඩූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විලිසංගේ නැතිව බංග්ලාදේශය වැනි රටකින් හාල් සිඟන්නේ එහෙයිනි. ඒ සිඟමන හිගන රැලකට නම් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාය. (කලිං ජනාධිපතිලාද හාල් ආනයනය කළ බව අපි හොඳාකාරවම දනිමු)

අනෙත් කරුණ නම් හාල් කොන්ත්‍රාත්කරුවන් හා කෘෂිකර්ම විෂය අතර ඇති සම්බන්ධයයි. හාල් ආනයනයේ කොමිස් ලැබෙද්දී මෙරට වී වගාවට හදිය කැටීමම සිතීම අස්වාභාවික නැත. මෙරට වී නිෂ්පාදනය අඩු කරන්නට “කෘෂිකරුමය“ භාර කරුමක්කාරයින් වලිකන්නේ ඇයි දැයි අපට පැහැදිලි කරන්නට අටුවා ටීකා ඕනෑ නැත. මෙරට පාර්ලිමේන්තුවේ වී ගොවිතැන අක්කර ලක්ෂයකින් අඩු කරන්නට කතා කළේ කවුරුන්දැයි රටම දනී.

හාල් හිඟා කන්නට ගොසින් එහි බුදියා, අපේ ජනාධිපති එන්නේ නිකං නොවේ. පරංගි වාඩියේ ලැග්ග නිසා පරංගිද නොමිලයේම ලැබී ඇත. එනම් බංග්ලාදේශයේ සමාගමක් සමග බීජ නිෂ්පාදන කොන්ත්‍රාත්තුවක් සඳහා අවබෝධතා ගිවිසුමක් ලෙස අත්සන් කිරීමයි. මේ ගිවිසුම සැළසුම් කර ඇත්තේ අවුරුදු 50කට වුවත්, පසුව එය 15කට සීමා කරන බවක්ද වාර්තාවේ. එසේම මේ සඳහා අදාල සමාගමට ඉඩම් අක්කර සිය ගණනක් ඇතුළු සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහයන් ලබාදීමටද එකඟ වී ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

මෙරට එළවලු බීජ අවශ්‍යතාව පිරිමැසූ දේශීය නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් මෙයින් මුහුන දෙන්නේ දැඩි අසීරුතාවකටය. එසේම මෙට අප සතු දේශීය ආවේනික භෝග විශේෂයන්ගේ බීජ අයිතිය හා ජාන අයිතිය අමු අමුවේ පාවාදීමක් ද වනු ඇත. ඉන්දියාවේ හා පකිස්ථානයේ වැවෙන බාස්මතී සඳහා පේටන්ට් බලපත්‍රය ඇත්තේ ඇමරිකාවටය. එය සිදු වන්නේද මෙවැනි කොල්ලයක් හරහාමය. හෙට අනිද්දා අපට ආවේනික මහාර්ඝ ඹෟෂදීය ගුණයන්ගෙන් හෙබි තුඹ කරවිල වැනි දෙයක් සඳහා දෙමුහුම් බීජයක් නිපදවා අපට එය වැඩි මිලකට ගෙන වගා කරන්නට සිදුවිය හැක. වඩාත්ම වැදගත් කරුණ නම්, දෙමුහුම් බීජ ක්‍රියාවලිය (විශේෂයෙන් ව්‍යාපාරික ක්‍රියාවලිය) ඒ ඒ බෝගයන්ගේ දේශීය ප්‍රභේධ මිහිමතින් වඳකර හැරීමට කටයුතු කරයි. දැන් ගමේ ගස්ලබු නැත. ඇත්තේ රත්න හෝ රෙඩ් ලේඩි නම් මෙලෝ රහක් නැති ගස් ලබ්බ වල්ය.

මෙහිදී හෙළදරව් කළ යුතු තවත් කරුණක් වන්නේ මේ ගිවිසුම ගසන්නේ මුලුමනින්ම ඉස්ලාමීය සමාගමක් සමග බවයි. ලාල් ටීර් බීජ සමාගම ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අගනුවරයි. එහි විධායක අධ්‍යක්ෂ රාසික්ය. විධායක සම්බන්ධීකාරක වරුන් ෆයිරෝස් ශාහ් ස්කිඩර්, හා ආචාර්ය කමල් කබීර් යන්නන්ය. ජාත්‍යන්තර ව්‍යාපාරික කළමනාකරු මොහොමඩ් අරෙෆින්ය. අලෙවි කළමනාකරු මොහොමඩ් මුස්තාපාය. ජාතික අලෙවි කළමනාකරු ජී. එම් ෆාරුක් ය.

මෙහි ඇති අනතුර මෙය කියවන ඔබට වැටහෙනු ඇතැයි අපි සිතමු. අපි ලුුණු පොල්කට්ටේ කිඹුලන් නොදකිමු. එහෙත් අපි සවිඥාණකය. මුස්ලිම් අන්තවාදය ඉතා සූක්ෂම ලෙස හලාල් ඔස්සේ අපේ ආහාර නිෂ්පාදකයින්ගේ වට්ටෝරු ගත්තේය. පසුව හෙළ වෙදකමද ගනිමින් සිටී. මේ ගන්නට හදන්නේ හෙළ ආහාර සංස්කෘතියේ පදනමයි. කාලෝ අයන්තේ කියන්නද නැත්නම් අල්ලාහු අක්බර් කියන්නදැයි අපි නොදනමු.

සිංහල සංගේදම 

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

Related posts

බසයක් සහ ලොරියක් ගැටී 20ක් රෝහලේ…

Admin

කපුටු ආරක්ෂක ඩීල් සජිත්ගේ මගෝඩි වැඩ පාලිත හෙළි කරයි.

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමට ගිය සැකකරුවන් තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

colombotoday