පළාත් සභා, පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති බව වාර්තා වේ.
තමන් තව දුරටත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස සිටින බවත් කවදා හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන දිනකදී හැර නැවත ඇමති ධුරයක් බර නොගන්න බවද ලිපියේ දැක්වෙයි.
ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ආනමඩුව ආසනයේ පළාත් පාලන මන්ත්‍රිවරුන් විසින් දිගින් දිගටම ඔහුට බලපෑම් කරමින් සිටි බවද වාර්තා වෙයි.