Colombo Today Local News

ජනපති මැදුරේ විශේෂ සාකච්ඡාවක්.. ජනපති විල්පත්තුව ගැන දැඩි තීන්දුවක් ගනී !

විල්පත්තුව රක්ෂිතය ආශ්‍රිතව නැවත වරක් ආරම්භ වී ඇති දැවැන්ත වන සංහාරය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සිදුවී තිබෙන බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන් කැදවා විල්පත්තුව සම්බන්ධයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නියෝග කර ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

තමා විධායක බලතල පාවිච්චි කරන්නේ ළමයින් සහ පරිසරය සම්බන්ධ කරුණු වලදී පමණක් බවයි ජනාධිපතිවරයා මීට පෙර අවස්තාවක සදහන් කර සිටියේ.  එසේ තිබියදීත් ජනපති අන නොතකා සිදුකෙරෙමින් පවතින වන විනාශය සම්බන්ධයෙන් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විලින් ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වී තිබුණා.

විල්පත්තුවෙන් නැවත සිදුකෙරෙමින් පවතින වන සංහාරය පිළිබදව පරිසර සංවිධාන සහ බොදු බල සේනා සංවිධානයද ඊයේ ලිඛිතවම ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණා.

කෙසේ වෙතත් විල්පත්තුවේ සිදුවන වන සංහාරය සහ ජාතිවාදී ජනපදකරණය අත්හිටවුවහොත් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා ආණ්ඩුවෙන් ඉවත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවටද මත පලවී තිබෙනවා.

බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරයාට යැවූ ලිපිය …

Related posts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

තවත් ගූගල් බැලූනයක් ලක් ගුවනට

colombotoday

“සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න”

colombotoday

ධම්මික පැණිය ගැන තීරණය සති 2කින්

colombotoday

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

“මේ වහින වැහිල්ල රටට හොදයි.. ආර්ථික වර්ධනය වේගවත් වෙනවා“ – අධ්‍යාපන ඇමති

colombotoday