Colombo Today Local News

බැසිල් රාජපක්ෂට මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ලබන මස 6 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් අද (25)දින පුවත්පත් වර්තා කර තිබුණි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු පත්වනු ඇති බව එම වර්තාවල සඳහන් වේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස එදින පත්වන බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇතැයි එම වර්තාවල වැඩිදුරටත් සඳහන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට ඊයේ යළි දිවයිනට පැමිණියේය.

බැසිල් රාජපක්ෂ මහතා 2010- 2015 කාළය තුළ මෙරට ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද දැරූ අතර මේ වනවිට ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

Related posts

මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවන් විකිණීමෙන් ඉවත්වෙයි

Admin

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

ජාත්‍යන්තරයට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ….

colombotoday

මහ කන්නයේ බඩඉරිඟු වගාවට දිස්ත්‍රික්ක 3 කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ…

colombotoday

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

colombotoday

රට බේරා ගත් රණවිරුවෝ අද හිර ගෙවල්වල දුක්‌ විඳිනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday