Colombo Today Local News

රට බේරා ගත් රණවිරුවෝ අද හිර ගෙවල්වල දුක්‌ විඳිනවා – ගෝඨාභය රාජපක්‍ෂ

යුද්ධ කාලයේදී වැඩිම කැප කිරීමකින් වැඩ කළ බුද්ධි අංශවල නායකයන් සියලු දෙනාම හිරේ දමා ඇති බවත් ඒ සියලු දෙනාට එළියට ඒමට නම් සියල්ල කළේ ගෝඨාභය රාජපක්‍ෂ යෑයි කියා නම කිවයුතු බවත් නමුත් මෙම රණවිරුවන් බොරු කියා ජීවිත ආරක්‍ෂා කර ගන්නා පුද්ගලයන් නොවන බැවින් ඔවුන්ගෙන් ඒ වචන ගන්න පුළුවන්කමක්‌ නැතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එසේ පැවැසුවේ ප්‍රවීණ ලේඛක එඩ්වඩ් චන්ද්‍රසිරි මහතා විසින් රචිත “මිනිස්‌සු වගේද සත්තු-2” ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට එක්‌වෙමිනි.

කොටිකාවත්ත සණස ශ්‍රවණාගාරයේදී පසුගිය 2 වැනිදා එම උත්සවය සංවිධානය කර තිබූ අතර එම උත්සවයට මැදගොඩ අභයතිස්‌ස හිමියන්, රියර් අද්මිරාල් සරත් වීරසේකර, අලවතුරේ විජිතවංශ ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක්‌ද සහභාගි වී සිටියහ.

නව ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එහිදී පිළිගැන්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

සත්ව ලෝකයේ සිටින සත්වයින් ජීවත් වීම සඳහා විශාල සටනක නිරත වෙනවා. ඒ අතර ශක්‌තිමත් සත්වයින් සහ කපටි සත්වයින් කුඩා සතුන් කා ජීවත් වෙනවා. සතුන්ගේද විවිධ සටන් ප්‍රහාර ක්‍රම මිනිසුන් විසින් ද උපයෝගී කරගෙන තිබෙනවා.

හමුදාවේ තිබෙන ප්‍රධාන සටන් ක්‍රමයක්‌ තමයි සැඟවී සිට පහරදීම. පරිසරයට අනුවර්තනය වන ලෙස ඇඳුම් සකසාගෙන සතුරාට නොපෙනෙන ආකාරයට සිටිමින් ඔහුව ගොදුරු කර ගන්නවා. ඒවා සත්ව ලෝකයෙන් උකහාගත් දේවල්. මිනිසුන්ට නම් මිනිසුන් මරාගෙන කා ජීවත්වෙන පුරුද්දක්‌ නෑ. ඒ නිසා තමයි ඔහුට “මිනිසා” කියන්නේ. නමුත් අද වන විට මිනිසුන් පුද්ගලික වාසි තකා තමාගේ බලය රැක ගැනීම සඳහාම සත්වයින්ටත් වඩා එහා ගිය බොරුව පාවිච්චි කරලා ප්‍රායෝගිකව මරන්න බැරි නම් චරිත ඝාතනය කරලා බලය රැක ගැනීමට උත්සාහ කරනවා.

යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න දේශපාලන නායකයන්ට, රණවිරුවන්ට කෘතගුණ දක්‌වන කාලයක්‌ නොවෙයි මේ. අද අපි විශාල සටනක්‌ දරනවා ජීවත් වෙන්න. අවුරුදු 30 ක යුද්ධය පැවැති කාලයේ මේ රටේ රණවිරුවන් විශාල පරිත්‍යාගයක්‌ කළා.

මේ යුද්ධය කියන එක මහින්ද රාජපක්‍ෂ මහතාගේ යුගයේ ආරම්භ කරපු එකක්‌ නොවෙයි. 70 දශකයේ අග භාගයේ ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හැටියට සිටි කාලයේ තමයි යුද්ධය ආරම්භ වුණේ. කුමන රජයක්‌ බලයේ සිටියත් ත්‍රස්‌තවාදී යුද්ධය එන්න එන්නම දරුණු වුණා. ඒ පැමිණි සෑම රජයක්‌ම, නායකයෙක්‌ම ත්‍රිවිධ හමුදාව යුද්ධය අවසන් කිරීම සඳහා යොදා ගත්තා.

අද සිරගතව සිටින්නේ වැඩි දෙනෙක්‌ රණවිරුවෝ. මේ රටේ දූෂණ සිදුකළේ ඒ රණවිරුවෝද? යුද්ධය පැවැති කාලයේදී වැඩිම කැප කිරීමකින් වැඩ කරපු බුද්ධි අංශවල නායකයන් සියලු දෙනාම හිරේට දැම්මා. අද වෙනකොට යුද හමුදාවේ බුද්ධි අංශ නායකයාත් සිරගතව සිටිනවා. රණවිරුවන් වැඩි දෙනෙක්‌ හිරේට අරගෙන ඒ අයට එළියට එන්න ඕනේ නම් තිබෙන එකම මාර්ගය තමයි මේ ඔක්‌කොම කළේ ගෝඨාභය රාජපක්‍ෂ යෑයි කියලා නම කියවා ගන්න එක. නමුත් රණවිරුවෝ කවදාවත් බොරු කියලා ජීවිතේ ආරක්‍ෂා කර ගන්න පුද්ගලයෝ නොවෙයි. ඒ නිසා ඒ වචන ඒ කට්‌ටියගෙන් ගන්න පුළුවන් කමක්‌ නෑ. ඒ අය කොපමණ දුක්‌ වින්දත් බොරු කියන්න ලෑස්‌ති නෑ. නමුත් මේ පරීක්‍ෂණ පවත්වන අපේ සීඅයිඩී මහත්වරු ඔවුන්ට කියන එකම දේ තමයි මේ නම කියන්න එතකොට අපි යන්න දෙන්නම් කියන එක

Related posts

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක්!

colombotoday

දෙරණ ප්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන.. නිරුවත් කර පින්තූර අරන් මහමග දමා යයි !

colombotoday

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

Admin

බිරිඳව ගෙදර තියලා ක්‍රිකට් ගහන්න… තිසර-මාලිංග බිරින්දෑවරුන්ගේ හටන ගැන ක්‍රීඩා ඇමති කී කතාව

colombotoday

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

colombotoday

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලකට විකිණීම නියාමනයට ඇමතිගෙන් උපදෙස්

Admin