Colombo Today Local News

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. ජී. උපාලි චන්ද්‍රසේන මහතා වෙනුවට වෙනත් අයෙකු අදාළ ‍ප්‍රාදේශීය සභාව සඳහා නම්කිරීම තාවකාලිකව වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග නිකුත් කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වූ සම්මන්ත්‍රණ දෙකකට සහභාගීවීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

උපාලි චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ සභාපති සංජය ගමගේ යන මහත්වරු වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

එම වාරණ නියෝගය මාර්තු මස 10 වනදා තෙක් බල පැවැත්වෙයි.

Related posts

පොලිසියේ ලොකු පුටු මාරු වෙයි

Admin

ජුලි 21 සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බෙදාහැරෙන පිරවුම්හල් මෙන්න

colombotoday

මනූෂ මිලියන දාහක් ඉල්ලයි…

colombotoday

හොර වීසා හදපු මධ්‍යස්ථානයක් වටලයි

Admin

“ජනපතිට පොලිසිය ගැන ඕන දෙයක් කියන්න පුළුවන්.. අපට ඒක ප්‍රශ්නයක් නෑ“ – පොලිස්පති

colombotoday

පැහැදිලි හා දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කල ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

colombotoday