Colombo Today Local News

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

235952ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවා සිදුකළ පහරදීම දැඩි  පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ආබාධිත රණවිරුවන් පිරිසකට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය ගැන එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.

සම්පුර්ණ නිවේදනය මෙසේය.

වසර 12කට අඩු සේවා කාලයක් හිමි ආබාධිත රණවිරුවන්ට සේවා විශ‍්‍රාම වැටුපක් ගෙවීමට අදාළ කැබිනට් තීන්දුව  ගෙන තිබුණේ 2014 නොවැම්බරයේ  මා ද සාමාජිකත්වය දැරූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිනි. වසර 02ක් ගත වුවද එම තීන්දුව ක‍්‍රියාත්මක නොකිරීම නිසා අද මෙසේ ආබාධිත රණවිරුවන්ට මහ පාරට බැස උපවාස කිරීමට සිදුව තිබිණි.

කැබිනට් අනුමැතිය ලැබී තිබුණු තීන්දුවක් ක‍්‍රියාත්මක කිරිම වසර 02ක් තිස්සෙ කල් දැමූ වත්මන් ආණ්ඩුව, එකී රණවිරුවන්ට පොලීසිය යොදවා පහර දී, කඳුළු ගෑස් එල්ල කිරිමෙන් අනතුරුව එම තීන්දුව ක‍්‍රියාත්මක කරන බවට ලිඛිතව දැනුම් දීමෙන් පෙනී යන්නේ කුමක්ද? ආණ්ඩුව මේ ප‍්‍රශ්නය විසඳිමෙහිලා කටයුතුකර ඇත්තේ ඉතාමත් උද්දච්ච සහ හිතුවක්කාර අන්දමින් බවය.

ඉහළම බලධාරීන්ගේ නියෝග මත උතුරේ කිසිදු  මහජන උද්ඝෝෂණයකට පොලිසිය යොදවා පහර නොදෙන මේ ආණ්ඩුව මෙසේ පොලිසිය යොදවා පහර දුන්නේ රටත්, ජාතියත් රැකගත් විරෝදාර රණවිරුවන්ටය. එවැනි අකෘතඥ ආණ්ඩුවක් ඉදිරියේදී තමනට ඡුන්දය දුන් ජනතාවට කෙසේ සලකාවීදැයි අපට දැක බලා ගත හැකි වනු ඇත.

මෙසේ පොලීසිය යොදවා ආබිධිත රණවිරුවන්ට පහර දී කඳුළු ගෑස් එල්ල කිරිම ඉතාමත්  පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර මේ අකෘතඥ පහත් ක‍්‍රියාව සම්බන්ධයෙන් හෘදසාක්ෂියක් සහිත ශ‍්‍රී ලාංකික ¥ පුතුනගේ දැඩි අවධානය යොමු විය යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

විමල් වීරවංශ. (පා.ම.)
නායක
ජාතික නිදහස් පෙරමුණ

Related posts

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

මඩකලපුවේ රජයේ ඉඩම් කොල්ලයක්.. බලහත්කාරයෙන් පදිංචි වෙයි.. නිලධාරීන්ටත් ප්‍රහාර !!

colombotoday

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

පිළිකා එන්නත් මගඩියක්.. වැඩි මිල ටෙන්ඩරයට අනුමැතිය දීලා.. රජයට කෝටි 10ක පාඩුවක්…

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි

colombotoday