Colombo Today Local News

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

235952ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවා සිදුකළ පහරදීම දැඩි  පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ආබාධිත රණවිරුවන් පිරිසකට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය ගැන එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.

සම්පුර්ණ නිවේදනය මෙසේය.

වසර 12කට අඩු සේවා කාලයක් හිමි ආබාධිත රණවිරුවන්ට සේවා විශ‍්‍රාම වැටුපක් ගෙවීමට අදාළ කැබිනට් තීන්දුව  ගෙන තිබුණේ 2014 නොවැම්බරයේ  මා ද සාමාජිකත්වය දැරූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිනි. වසර 02ක් ගත වුවද එම තීන්දුව ක‍්‍රියාත්මක නොකිරීම නිසා අද මෙසේ ආබාධිත රණවිරුවන්ට මහ පාරට බැස උපවාස කිරීමට සිදුව තිබිණි.

කැබිනට් අනුමැතිය ලැබී තිබුණු තීන්දුවක් ක‍්‍රියාත්මක කිරිම වසර 02ක් තිස්සෙ කල් දැමූ වත්මන් ආණ්ඩුව, එකී රණවිරුවන්ට පොලීසිය යොදවා පහර දී, කඳුළු ගෑස් එල්ල කිරිමෙන් අනතුරුව එම තීන්දුව ක‍්‍රියාත්මක කරන බවට ලිඛිතව දැනුම් දීමෙන් පෙනී යන්නේ කුමක්ද? ආණ්ඩුව මේ ප‍්‍රශ්නය විසඳිමෙහිලා කටයුතුකර ඇත්තේ ඉතාමත් උද්දච්ච සහ හිතුවක්කාර අන්දමින් බවය.

ඉහළම බලධාරීන්ගේ නියෝග මත උතුරේ කිසිදු  මහජන උද්ඝෝෂණයකට පොලිසිය යොදවා පහර නොදෙන මේ ආණ්ඩුව මෙසේ පොලිසිය යොදවා පහර දුන්නේ රටත්, ජාතියත් රැකගත් විරෝදාර රණවිරුවන්ටය. එවැනි අකෘතඥ ආණ්ඩුවක් ඉදිරියේදී තමනට ඡුන්දය දුන් ජනතාවට කෙසේ සලකාවීදැයි අපට දැක බලා ගත හැකි වනු ඇත.

මෙසේ පොලීසිය යොදවා ආබිධිත රණවිරුවන්ට පහර දී කඳුළු ගෑස් එල්ල කිරිම ඉතාමත්  පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර මේ අකෘතඥ පහත් ක‍්‍රියාව සම්බන්ධයෙන් හෘදසාක්ෂියක් සහිත ශ‍්‍රී ලාංකික ¥ පුතුනගේ දැඩි අවධානය යොමු විය යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

විමල් වීරවංශ. (පා.ම.)
නායක
ජාතික නිදහස් පෙරමුණ

Related posts

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවටය අත පොවයි.. මෝදි නොර්වුඩ්වල නොසන්ඩාල වැඩක !

colombotoday

වැලිකඩ රැඳවියන් වහළය උඩ විරෝධතාවක | ඉල්ලීම් ඉටුකල නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

colombotoday

ජනපති සමග සාකච්ඡාව අවසන්.. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගත් තීරණය මෙන්න

colombotoday

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday

බදුර්දීන් වැනසූ විල්පත්තුවේ යුද හමුදාව රුක් රෝපණය කරයි

colombotoday

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

colombotoday