Colombo Today Local News

දියව් දියව් ශරියා දියව්.. අපේ නීතියට අත නොතබව්.. තව්හිද් ජමාත් කොටුව අහුරා විරොධයේ

sltj22

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය කොළඹ කොටුවේ විරෝධතාවක් ආරම්භ කර ඇත.

“ශරීයා නීතිය අපේ නීතිය.. අපට ඕන අපේ නීතිය“ යැයි සටන් පාඨ කියමින් ඔවුහූ විරෝධතාවයේ නියැළෙති.

GSP+ බදු සහන ලබා දීමටනම, වයස් සීමාවකින් තොරව කුඩා දැරියන් පවා විවාහ කර ගැනීමට අවසර ලැබෙන ඉස්ලාමීය විවාහ නීතිය ජාත්‍යන්තර මානුෂවාදී නීතියට හා මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට පටහැනි බැවින් එම නීතය වහාම සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය රජයට දන්වා ඇත.

ඒ අනුව රජය විසින් කැබිනට් අනුමැතිය සහිතව ඒ පිළිබදව කටයුතු කිරීම සදහා පසුගිය සතියේ අනුකමිටුවක් පිහිටවන ලදි.

කෙසේ වෙතත් විරෝධතාවයේ නියැලෙස තව්හීද් ජමාත් සාමාජිකයන් පවසන්නේ, බාළ දැරියන් විවාහ කරගැනීම ඉස්ලාමයේ ශරීයා නීතියෙන් අනුමත කර ඇති බැවින් කිසි සේත්ම එම නීති වෙනස් කිරීමට රජයට ඉඩ නොතබන බවයි. තම ආගමේ නීතිවලට අත තැබීමට පැමිණියහොත් මරාගෙන මැරීමට වූවත් තමන් සූදානම් බවත්, රජයට අමතක නොවන පාඩමක් උගන්වන බවත් තව්හිද් ජමාත් නියෝජිතයෝ පවසති.

විරෝධතාවයේ සජීවී දර්ශන පහතින්

Related posts

“නින්ද ගියා බං… මිනිස්ටර්ට නෝන්ඩි ද ?“.. අගමැති, ඇමති ආ උත්සවයේ පොලිස්පති සැපට නිදි !!

colombotoday

සුනිල් හඳුන්නෙත්තිගේ පාර්ලිමේන්තු සිහිනය මාතරින් බොඳවෙයි

colombotoday

රට රැකි ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලා නිහඬ විරෝධතාවයක

colombotoday

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

තබ්බෝව සහ දැදුරු ජලාශවල වාන් දොරටු අරි

colombotoday