Colombo Today Local NewsHot NewsUncategorized

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

bbs ulama isis

බොදු බල සේනා සංවිධානය සහ ISIS ත්‍රස්තවාදීන් අතර සම්බන්ධයක් ඇති යැයි පැවසිය හැක්කේ උග්‍ර මානසික රෝගියෙකුට පමණක් බවත් එම ප්‍රකාශය කරන උලමා පක්ෂයේ නායක අබ්දුල් මජීත් නමැති අය ‘අල් ටකියා’ න්‍යාය අනුව සමාජය නොමග යැවීම සදහා බොරු බේගල් ඇද බාමින් සිටින බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

බොදු බල සේනාව ISIS ත්‍රස්තයින් සමග සම්බන්ධ බවට සැකයක් පවතින් බවත්, ලංකාවේ මුස්ලිම් පුද්ගලයන් ISIS සංවිධානයට බැදෙන්නේ බොදු බල සේනාව නිසා බවත්, ඉදිරියේදී බොදු බල සේනාව විසින් වෙනත් පිරිසකට මුදල් දී ප්‍රහාරයක් එල්ල කර එය ISIS ත්‍රස්තයන් පිට දැමීමට ඉඩ ඇති බව පවසමින් ශ්‍රී ලංකා උලමා පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීත් විසින් කල බරපතල චෝදනාවට පිළිතුරු දෙමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බොදු බල සේනා සංවිධානය එසේ පවසයි. එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

බොදු බල සේනා ISIS සමග ඇති සම්බන්දය – බොදු බල සේනා මාධ්‍ය නිවේදනය – 25 නොවැම්බර් 2015

” සර්ව බලධාරීන් දෙවියන් මැවුවේත් බොදු බල සේනා ද ?

බොදු බල සේනා සංවිධානය සහ ISIS ත්‍රස්තවාදී සංවිධානය අතර රහසිගත සම්බන්ධතාවයක් පවතිනවාද යන්න සැකයක් මතු වී ඇති බව ශ්‍රී ලංකා උලමා නායක ලෙස හඳුන්වන මුබාරක් අබ්දුල් මජීද් නැමැත්තෙක් කොළඹදී පැවති මාධ්‍ය හමුකදී පැවසු බව පිළිබඳව වන මාධ්‍ය වාර්තාව සම්බන්ධවයි.  (https://colombotoday.com/8033-2/)

මෙවැනි ප්‍රකාශයක් කල හැක්කේ අධික මානසික රෝගයකින් පෙලෙන්නෙක් හෝ ලොකුම බොරුව කීමේ ගිනස් වාර්තාවක් තැබීමට අපේක්ෂා කරන්නෙකු බව ඕනෑම කෙනෙකුට තේරෙන සත්‍යයකි.

එහෙත් අප දන්නා සත්‍ය නම් සමහර ආගම් වල ඇති සිය පැවැත්ම සඳහා අන්‍ය ආගමිකයින් රැවටීමේ අල් ටකියා න්‍යාය මෙම පුද්ගලයා ඉතාම පැහැදිලිව එම ආගමික ඉගැන්වීම වල නාමයෙන් භාවිත කරන බවය. යම් අයකුට ඉන්ටර්නෙට් තුල Al-Taqiyya යනු කුමක්ද කියා සොයා බැලිය හැක. මෙවැනි පිරිස් අල් ටකියාවරු ලෙස හැඳින්වීමට කැමැත්තෙමු.

“තවත් වසර කිහිපයක් ඇතුළත, ISIS ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවට පහරදෙනු ඇති බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ඥාණසාර හිමි ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය තුලින් එම සංවිධානයත්, ISIS ත්‍රස්තවාදී සංවිධානයත් අතර සම්බන්ධතාවයක් පවතිනවාද යන්න පිළිබඳව රජය පරීක්‍ෂණ පැවැත්විය යුතුය”

අප සංවිධානයත්, ISIS ත්‍රස්තවාදී සංවිධානයත් අතර සම්බන්ධතාවයක් පවතිනවාද යන්න පිළිබඳව රජය පරීක්‍ෂණ පැවැත්විය යුතු බව ට අබ්දුල් මජීත් කල ඇති ප්‍රකාශය ගැන අපට කීමට ඇත්තේ එපමනක් නොව මේ රට තුල ඇති සෑම අස්සක් මුල්ලක් ම පීරා , සෑම ගනුදෙනුවක්ම ගැන සොයා ISIS සම්බන්දතාවයන් හෙළි දරුව් කල යුතු බවය.

මෙම අල් ටකියා සාමාජිකයා විසින් කරන ලද ප්‍රකාශය ඉතාමත් පැහැදිලි අල් ටකියාවකි.

“වසර ගණනාවකට ඉහතදී ශ්‍රී ලංකාවේ තලෙයිබාන් සහ අල්කයිඩා ත්‍රස්තවාදීන් සිටින බවට සිංහල ජාතිවාදීන් කිහිපදෙනෙකු ප්‍රකාශ කරන ලදි. දැන් එය අමතක වී මේ වනවිට ISIS ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ සිටින බවට කතා මවමින් සිටියි. මීටපෙර, ශ්‍රී ලංකාවේ සිටින බව‍ට පැවසූ අල්කයිඩා සහ තලෙයිබාන් ත්‍රස්තවාදීන් කිසිවෙකුත් මේ දක්වා හමුදාව විසින් අත් අඩංගුවට ගෙන නොමැත. ඒ තුලින් එම ප්‍රකාශයන් අසත්‍ය වී ඇති බවට තහවුරු වී ඇත. මේ වනවිට බොදුබල සේනා සංවිධානය ISIS ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ සිටින බවට අසත්‍ය කතා පතුරවමින් සිටියි. ISIS ත්‍රස්තවාදීන්ද ලංකාව තුළ මෙතෙක් හමුවී නැත”.

ශ්‍රී ලංකාව තුල ඉස්ලාමික අන්තවාදය හා ත්‍රස්තවාදය ක්‍රියාත්මක බවට සාක්ෂි නොමැති බවට ඔහු කල ඇති ප්‍රකාශය පැහැදිලිම අල් ටකියාවක් බව පහත දැක්වෙන කරුණු වලින් පැහැදිලිය

ශ්‍රී ලාංකිකයින් ISIS සමග සම්බන්ද බවට පැහැදිලි සාක්ෂි පහත දක්වා ඇත. මෙවැනි පිරිස් දහස් ගණනක් බව අපගේ මතයයි.එය ඉදිරියේදී පැහැදිලි වනු ඇත. මෙහි සමහර පුද්ගලයින් කොළඹ සිටින උලමා වරුන් හා මුස්ලිම් සංවිධාන සමග සමීප සම්බන්දතාවයන් පවත්වා ඇති බවද සත්‍යයකි.

1) http://www.dailymirror.lk/81155/sri-lanka-s-isis-militant-why-we-should-be-very-worried

2) http://www.asianmirror.lk/news/item/10653-sri-lanka-reportedly-included-in-new-isis-map

3) http://www.colombopage.com/archive_15B/Jul23_1437674118CH.php

4) http://www.asianmirror.lk/news/item/13053-first-sri-lankan-isis-fighter-joined-with-16-others-claims-propaganda-magazine

මෙයට අමතරව මුස්ලිම් අන්තවාදය ගැන සාක්ෂි රාශියකි.

1) http://asianmirror.lk/news/item/1160-islamist-terrorist-groups-in-sri-lanka-muslim-leaders-urged-to-be-vigilant

2) http://www.asiantribune.com/node/7215

3) http://www.asiantribune.com/index.php?q=node/7238

4) http://www.adaderana.lk/news.php?nid=9870

5) https://colombotoday.com/sljt-asathsali2/

මෙම අල ටකියා වරයා තවදුරටත් මෙසේ කියා සිටී.

“ඇතැම් විට තවත් වසරක කාලයකදී කව්රුන් හෝ මුදලට ගෙන, ඔවුන් තුලින් ප්‍රහාරයක් එල්ලකර, එහි වගකීම ISIS ත්‍රස්තවාදී සංවිධානය වෙත පටවා, තමන් කල ප්‍රකාශය ඒ ආකාරයෙන්ම සිදුවූ බව පැවසීමට බොදුබල සේනා සංවිධානය සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවාද යන්න සම්බන්ධයෙනුත් රජය කඩිනමින් සොයාබැලිය යුතුය.”

මෙයද පැහැදිලි විහිළුවක් හෝ අල් ටකියාවකි. එසේ වුවද මෙම ප්‍රකාශය පහසුවෙන් ඉවත දැමිය යුත්තක් නොවේ. මෙවැනි සිදු විය හැකි බවට උදාහරණ ඇති බැවිනි.

1) ඉස්ලාමික පල්ලි ත්‍රස්තවාදය සඳහා යොදා ගැනීම ලෝකය පුරා දිගින් දිගටම සිදු වේ .http://www.christiantoday.com/article/more.than.80.mosques.in.u.s.being.used.to.radicalised.muslim.worshippers.turn.them.into.terrorists.group.says/71414.htm

2) කැනඩාවේ හලාල් සහතිකකරණ ආයතනය හමාස හරහා අල් කයිඩා වලට අරමුදල් සැපයු බව හා බොහෝ ව්‍යාපාරිකයින් හා ආගමික සංවිධාන ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන බව.

http://pointdebasculecanada.ca/muslim-association-of-canada-a-contributor-to-hamas-fund-collector-controls-halal-certification-in-quebec/

http://islam4infidels.com/proof-halal-funds-terrorism/

මෙම කරුණු ගැන සලකා බලන ඕනෑම පුද්ගලයකුට ශ්‍රී ලංකාව තුල ISIS පමණක් නොව පොදුවේ ඉස්ලාමික අන්තවාදය හා ත්‍රස්තවාදය ගැන අවබෝධයක් ලබා ගත හැක.

මෙම අල් ටකියා වරයා තවදුරටත් පහත දැක්වෙන ප්‍රකාශය කර ඇත.

“බොදුබල සේනා සංවිධානය වැනි බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයන් වල ජාතිවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් කලකිරීමට පත්වී ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු හෝ ISIS ත්‍රස්තවාදී සංවිධානයට බැදුනහොත්, එහි සම්පූර්ණ වගකීම බොදුබල සේනා සංවිධානය භාරගත යුතු අතර, එයට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව කිසිඳු අයුරකින් වග නොකියන බව ප්‍රකාශ කර සිටින්නෙමු”

මේ රටේ බුදු දහමේ හා සිංහල සංස්කෘතියේ ආභාෂය නිසා මැදහත්ව සිතන වැඩ කරන මුස්ලිම් වරු ලංකාවේ සිටින බව අපි දනිමු. අපිටද අවශ්‍ය වන්නේ ඔවුන් මෙම අල් ටකියා කරු වැනි විදේශ වලදී අන්තවාදී ඉස්ලාමික ඉගැන්වීම් ඉගෙන ගෙන් පැමිණ ඇති වහබ්වාදීන් ඇතුළු පිරිස් වැලි ආරක්ෂා කිරීමය.

මොවුන් කියන ලෙස මිනිසුන් ත්‍රස්තවාදීන් වන්නේ බොදු බල සේනා නිසාවෙනි. අප සමග වැඩ කරන බුදු දහමේ හා සිංහල සංස්කෘතියේ ආභාෂය නිසා මැදහත්ව සිතන වැඩ කරන මුස්ලිම් වරු බොහෝ පිරිසක් ඇත. ඔවුන් බොදු බල සේනා බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පැහැදිලිව දනී.

ඉන්ටෙර්නෙට් තුල ඉස්ලාම් ත්‍රස්තවාදය හා බෞද්ධ ත්‍රස්තවාදය පිලිබඳ සොයා බැලු විට ලැබෙන පිළිතුරු ප්‍රමාණය හා අදාළ ආගමික මුලාශ්‍ර සංසන්දනය කිරීමේදී ත්‍රස්තවාදයේ උපත කුමක්ද යන්න සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට ඉතා පැහැදිලි වනු ඇත.

මෙම අල් ටකියා කරුට අනුව ලෝකයේ ISIS හා ඉස්ලාම් ත්‍රස්තවාදීන් බිහි වන්නේ බොදු බල සේනා නිසාවෙනි. ISIS ත්‍රස්තවාදයේ මුල කුමක්ද ඔවුන් අමානුෂික ලෙස මිනී මරණ විට, වෙඩි කන විට ඔවුන්ගේම කටහඬ වලින් පිටවන බව පැහැදිලිය.

මෙසේ සියලු වැරදි වලට හේතුව බොදු බල සේනා ලෙස ඉල කඩෙන විහිලු සපයන මෙවැනි අල් ටකියාකරුවන් යම් දිනක ” සර්ව බලධාරීන් දෙවියන් මැවුවේ ද බොදු බල සේනා බව” කිවහොත් අප පුදුම වන්නේ නැත.

මේ සියල්ල සර්ව බලධාරී දෙවියන්ගේ කැමැත්ත ලෙස සලකා නිකන් බලා සිටීමට “හලාල්” වී ඇති අපේ බොහෝ පාලකයින් සේ නිහඩව සිටීමට බොදු බල සේනා පැහැදිලිව ප්‍රකාශ කරමු. සියලු ත්‍රස්තයන් මෙසේ දෙවියන්ගේ තුරුලට යාමට පෙර කෙසේ හෝ නීතියේ රැහැනට හසු කර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කල යුතුය. සිරියාවෙදී මියගොස් මාධ්‍ය වාර්තා කරන තුරු මේ ත්‍රස්තයින්ගේ ක්‍රියා ගැන දන ගැනීමට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ අපොහසත් වීම සිදු වුයේ ඔවුන් මෙවැනි අයගේ අල් ටකියා වට රැවටී ඇති නිසාය.

Related posts

සත්ව ආහාර ලෙස ඉවත් කළ දේශීය කිරිපිටි තොගයක් මිනිස්සුන්ට පොවන්න හදලා – අයර්ලන්ත ලේබලයෙන් ආ කිරිපිටි වල රහස හෙළිවෙයි…!

colombotoday

TNA ශ්‍රීධරන්ගේ ගල් පැළෙන බොරුවලට ආරක්ෂක ඇමති පිළිතුරු දෙයි

colombotoday

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

අමාත්‍යංශවල විෂය පථ සඳහන් කරමින් ජනපතිගෙන් නව ගැසට් පත්‍රයක්

colombotoday

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !

colombotoday