Colombo Today Local News

ශ්‍රී පාදයේ හෝටලය තහනම්කලේ තාවකාලිකවයි.. අවසර ඉල්ලුවොත් දෙනවා – පරිසර අධිකාරිය කියයි

h226-22

ශ්‍රී පාදස්ථානය අසල “මරේ” ප්‍රදේශයේ ඉදිකිරීමට සුදානම් වූ හෝටලය තහනම් කලේ තාවකාලිකව බවත් අවසර ඉල්ලුවොත් තම අධිකාරිය සතු කොන්දේසිවලට යටත්ව අවසර ලබා දෙන බවත් පැවසුබව බොදු බල සේනා මාධ්‍ය අංශය පවසනවා.

ඊයේ(2) සවස බොදු බල සේනා නියෝජිත පිරිසක් පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සමග සාකච්ඡාවක් සිදු කර ඇති අතර මවුස්සා කැලේ ජලාශයට මායිම්ව සංවේදී කලාපයේ අදාළ ඉඩම පිහිටීම හේතුවෙන් එයට මැදිහත්වීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය සතු බවත් පෙන්වා දී ඇති ලාල් ධර්මසිරි මහතා පරිසර වාර්තාවක් නොගත් නිසා අදාළ අදිකිරීම් අත්හිටුවීමට තමන් නියෝග කල බවත් පෙන්වාදී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සමාගම විසින් අවශ්‍ය පරිසර වාර්තා රැගෙන ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ඉල්ලුවහොත් තමාට අවසර ලබාදීමට සිදුවන බවත් සභාපතිවරයා පෙන්වා දී ඇත.

අදාළ වත්තේ හිමිකාරිත්වය දරන ADCG Property Investment Pvt (Ltd) ආයතනයේ ප්‍රධාන සමාගම අබුඩාබි සිට ක්‍රියාත්මක වන Abu Dhabi Capital Group බවට සැලකෙන අතර එම සමාගම මුස්ලිම් ව්‍යාප්තිය වෙනුවෙන් ක්‍රියාකරන ආයතනයක් හේතුවෙන් පැහැදිලි ලෙසම ශ්‍රී පදය ආක්‍රමණය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර ඇති අතර කිසි ලෙසකවත් එයට ඉඩ නොදෙන බවත් ඒ සදහා ජනතාව පෙලගස්සවන බවත් සදහන් කල බවයි බොදු බල සේනා මාධ්‍ය අංශය සදහන් කර සිටියේ.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන දැනුම් දීමක් | කටුනායකට-මත්තල ආරක්ෂාව දැඩි කරයි

colombotoday

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

පියාගේ වෑන් රථයට යටවී අවුරුදු 2ක් වයසැති දැරියක මරු දකී

colombotoday

දෙමුහුන් අධිකරණ ඉල්ලන ගොන් තකතීරු වැඩ කරන්න එපා – ඩිලාන් පෙරේරා සුමන්තිරන්ට කියයි

colombotoday

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

colombotoday