යාපනය විශ්ව විද්‍යාලයේ සිසු එහි ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් අද (31) විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය දා වෙඩි පහරට ලක්ව මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස බලකරමිනුයි මෙම විරෝධතාවය ආරම්භකර තිබෙන්නේ.
විශ්ව විද්‍යාල පාලක සභාවේ නිළධාරීන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසද ජිවිතක්ෂයට පත්වු සිසුන්ගේ මරණයන් වෙනුවෙන් සාධාරණය ලබා ගැනීම වෙනුවෙන් සහයෝගය දැක්විය යුතු බවද විරෝධතාවයට එක්වු විශ්ව විද්‍යාල සිසුන් ඉල්ලා සිටින අතර, ගේට්ටුව වසා තිබීම හේතුවෙන් සරසවියේ සේවය කරන ආචාර්යවරුන් හා අනධ්‍යයන සේවකයන් එලියට වී සිටිති.