Colombo Today Local News

දඹුල්ල පූජාභූමියේ අනවසර පල්ලිය නීත්‍යානුකූල කරන්න පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

haleem-3252ඓතිහාක රංගිරි දඹුල රජමහා විහාරයටයට අයත් පූජාභූමියේ අනවසරයෙන් ඉදිකර ඇති මුස්ලිම් පල්ලියේ වර්තමාන තත්ත්වය ඇතුළු සංවර්ධන කටයුතු සහ එම පල්ලිය නීත්‍යානුකූල තත්වයට පත්කිරීමේ ක්‍රමවේදය පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගිය 27 වනදා පාර්ලිමේන්තුවේ අංක 7 කමිටු ශාලාවේදී තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. හලීම්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

අනවසර පල්ලියේ භාරකාර මණ්ඩලය ද මෙම සාලකච්ඡාවට සහභාගී වී ඇති අතර පුජාභුමිය තුල ඇති පල්ලිය විශාල පරිමාණයෙන් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙසට අමාත්‍යවරයා විසින් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි වාර්තා වන්නේ.

මීට මාස කිහිපයකට ඉහතදී, මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඉහලින් පෙනන සේ “මිනරා”වක් සෑදීම සදහා උත්සහ ගත්තේද මෙම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්ය.

දඹුල්ල පූජාභූමියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති මතභේදයට තුඩුදී ඇති මුස්ලිම් පල්ලියට එරෙහිව රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති හිමියන් ප්‍රමුඛ බෞද්ධ ජනතාවගෙන් සහ ජාතික සංවිධාවලින් දැඩි විරෝධයක් එල්ලවූ අතර මීට වසර කිහිපයකට පෙර එම විරෝධය ගැටුම්කාරී තත්වයක් දක්වා වර්ධනය විය.

dambulla-msjid
විශාල ප්‍රමාණයෙන් ඉදිකිරීමට සූදානම්වන අනවසර පල්ලිය

dambulla-msjd-0021

Related posts

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඩ් බදුර්දීන්ට ප‍්‍රහාරයක් !

colombotoday

සියලු බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවයි

colombotoday

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday

20 සම්මත වීමෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුනා..

colombotoday

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

colombotoday