Colombo Today Local News

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා එම පත්කිරීම සිදු කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිසියේය.

විකුම් අතුල කළුආරච්චි මහතාගේ වසර 33ක සේවා කාලයෙන් වසර 27ක් මහෙස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Related posts

සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.

colombotoday

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

Admin

මරාගන මැරෙන්න. අපි ඉරාකයේදී පරාදයි.දෙව්ලොව කාන්තාවන් 72ක් ඔබ එනතුරු බලා සිටියි – ISIS නායකයා කියයි

colombotoday

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

Admin

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහිව විමර්ශනයක්

colombotoday

මේ වසරේදී කෝටාව ඉක්මවමින් කොරියා රැකියා 8000ක්

Admin