Colombo Today Local News

බස් රියදුරාගේ බත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඇල්ල ප්‍රදේශයේදී මහව පොලීසිය විසින් ඊයේ (18)දින පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී බසයේ රියදුරු අසුන අසල තිබී රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 143ක් සොයාගෙන ඇත.

රියදුරු අසුන අසල කුඩා පාර්සලයක් තිබී ඇති අතර එය තම බත් පාර්සලය බවට රියදුරු ප්‍රකාශ කළ ද පොලීසිය එය පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම හෙරොයින් හමුවී තිබේ.

43 හැවිරිදි එම පුද්ගලයා රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා ව අද(19)දින මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

වැඩිකළ රු 10,000 රාජ්‍ය සේවක වැටුපට එකතු වෙන්නේ 2020 දී !

colombotoday

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

colombotoday

මීළඟ කැබිනට් හමුවට මහබැංකු අධිපතිට සහ මුදල් අමාත්‍යංශ ලේකම්ට කැඳවීමක්

colombotoday

හිටපු නාගරික මන්ත්‍රීවරියක් ලග කිසිදු ලේඛණයක සටහන්ව නැති මෝටර් රථයක්

colombotoday