Colombo Today Local News

නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවේ

කිමිදුම් උපකරණ යොදාගනිමින් මන්නාරම,ඔලේතොඩුවායි මුහුදේ නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කිමිදුම් උපකරණ, නීති විරෝධී දැල් තොගයක් හා ඩිංගි යාත්‍රා හතරක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

නීතිවිරෝධි ආකාරයෙන් ඇල්ලු මුහුදු කූඩෑල්ලන් කිලෝ 968ක් හා හක්බෙල්ලන් 34ක් සැකකරුවන් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කොට තිබියදී සොයාගත් බවද ‍නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 48ත් අතරේ වයසේ පසුවන්නන්වෙයි.

Related posts

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට ජනපති සැරසේ

colombotoday

හොදම අමාත්‍යාංශ දී ඇත්තේ වැඩබරි නිකමුන්ට… විදුලිය මා දන්නා විෂයක් නෙවෙයි…

colombotoday

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

colombotoday

ලෝක පරිසර දිනය අදයි

colombotoday