Colombo Today Local News

මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්

2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ආධාර ලබාදීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් ආර්ථිකය නිසා ජනතාවට අපහසුතා තියෙන නමුත් මේ තත්වය අවම කර තව මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙන බව අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, 2024 නව වසරට සුබ පැතුම් එක් කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Related posts

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

Admin

එජාප ආණ්ඩු හදන්න යන ශ්‍රීලනිප අයට ඇමතිකම් නෑ.. පක්ෂ සාමාජිකත්වයත් අහෝසියි – ජනපති දැඩි තීන්දුවක

colombotoday

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

colombotoday

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

colombotoday