Colombo Today Local News

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 20 කින් ය.

එහි නව මිල රුපියල් 366 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දැමීමත් සමග එහි මිල රුපියල් 464 දක්වා ඉහළ ගියේ ය.

ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358 කි.

ඒ, ලීටරයක් රුපියල් 29 කින් ඉහළ දැමීමත් සමගයි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ ගිය අතර එහි නව මිල, රුපියල් 475 කි.

භූමිතෙල් මිල රුපියල් 11 කින් පහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ, රුපියල් 236 ක් ලෙසයි.

Related posts

මාලිමාණ්ඩුව ක්‍රීඩාංගණයක නම වෙනස් කරන්න යයි

Admin

සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසියට තග දායි

colombotoday

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

19 වැනිදා සිට කතරගම සියලු පාසල් වැසේ…

Admin

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday