බුලත්සිංහල අක්කර 50, හල්වතුර ප්රදේශයේදී නිල්වක ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
දිය නෑමට ගොස් පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවට බුලත්සිංහල පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
එහිදී ප්රදේශවාසීන් හා පොලිසිය එක්ව දියේ ගිලී සිටි පුද්ගලයා ගොඩට ගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
22 හැවිරිදි මියගිය පුද්ගලයා හොරණ ප්රදේශයේ පදිංචිකරුවෙක්.