Colombo Today Local News

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

උසස් පෙළ සිසුන්ගේ කාලසටහන යාවත්කාලීන කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය අද (19)දින පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළාය.

උතුරු-නැගෙනහිර ඇතුළු සෙසු දුෂ්කර ප්‍රදේශයන්හි පාසල්වල විෂය නිර්දේශය තවමත් ආවරණය වී නොමැති බවයි ඇය පෙන්වාදෙන්නේ.

එමෙන්ම ශිෂ්‍යයින්ට වසර දෙක හමාරක කාලයක් හිමි උසස් පෙළ පන්ති 2023 පළමුවැනි වාරයට යන දරුවන්ට අහිමි වන බව ද ඇය පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළාය.

ඒ අනුව, ලබන වසරේ සිට උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පවත්වන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවයි.

Related posts

අස්ගිරියේ සිංහ නාදයට රාමාඤ්ඤ නිකායත් අවදිවෙයි.. මහා නාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

නව අමෙරිකානු ජනපතිට හා උප ජනපතිනියට අගමැති සුබ පතයි.

colombotoday

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

colombotoday

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

colombotoday

“ඊශ්‍රායලයත් එක්ක යාලුකම් එපා! ඒවට අපි කැමති නෑ” ආණ්ඩුවේ ඊශ්‍රායල් හිතවත්කම ගැන අසාත් සාලි කෝප වෙයි.

colombotoday

පාස්කු සිද්ධියට පිල්ලෙයාන් සී.අයි.ඩීයට

Admin