ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක් යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවක සම්මතයන් සහ කාර්යයන් පිළිබඳව කළමණාකාරිත්වය සකස් කළ වාර්තාවෙන්ම එම සංඛ්‍යාව හෙළිවූ බවත් එම වාර්තාවෙන් විදුලිබල මණ්ඩලයේ වර්තමානයේ සේවක සංඛ්‍යාව, සේවක තුළනය් සිදු වී ඇති ආකාරය, විවිධ කාර්යයන් වෙනුවෙන් අවශ්‍යතාවයන්, ක්ෂේත්රයේ මිණුම් දර්ශක, අනාගත වර්ධනයන් පිළිබඳව අවබෝධයක් ගැනීමට හැකි වන අතර එය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.