Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම කාලසටහනකට..

වියලි කාලගුණය හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති වීමෙන් ජල සම්පාදන මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය ජල සම්පාදන මධ්‍යස්ථාන මගින් නිෂ්චිත කාල සටහනක් අනුව ජලය පාරිභෝගිකයින්ට බෙදා හරින බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

තංගල්ල ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානයෙන් ජලය බෙදා හැරීම මේ වනවිට කාල සටහන් අනුව සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සැලසුම් අධ්‍යක්ෂ අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කරන්නීය.

ඊට අමතරව ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් යොදා ගෙන ජලය බෙදා හරින බව ද ඇය සඳහන් කළා ය.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සැලසුම් අධ්‍යක්ෂ අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කරන්නේ, නිකවැරටිය, හෙට්ටිපොළ, මහනුවර පුස්සැල්ලාව, ගම්පොලවත්ත යන ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානවල ද ජලය බෙදා හැරීම කාලසටහන් අනුව සිදු වන බවයි.‍

Related posts

බැදුම්කරේ ගැන අහද්දී මාධ්‍යවේදියාට බැණ වදී.. ගුටි කෙළියක් නූලෙන් නවතී (Video)

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

2024 අයවැය කාරක සභා අවස්ථාවේ 09 වැනි දිනය අද..

Admin