Colombo Today Local News

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින් සිටි පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමකට හබලකින් පහර දී රුපියල් 57,000 මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන පුද්ගලයින් අට දෙදෙනෙකු පොතුවිල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනාම පොතුවිල් ප්‍රදේශයේ පදිංචි ධීවර රැකියාවේ නිරත වන අය බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

මෙම සැකකරුවන් අවුරුදු 34, 40 ,39, 34, 38, 43 ,සහ 56 හැවිරිදි වියේ පසුවෙයි.

පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන මෙම හිමියන් ගල්ලෙනේ භාවනානු යෝගීව සිටියදී පුද්ගලයින් කණ්ඩායමක් එම ගල්ලෙනට කඩාවැදී හබලකින් පහරදුන් අවස්ථාවේ ජීවිතය බේරා ගැනීම සඳහා එම හිමියන් දිවගොස් කොහොඹ ගසකට මුවා වී සැඟවසිට ඇතැයි පොලිසිය කියයි.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙකු පැමිණි අවස්ථාවේ ඔවුන්ට ද මෙම සිද්ධිය දැනුම් දී එම හිමියන් විසින් මේ බව පොලිසියට පැමිණිලි කර ඇත.

පැහැර ගත්තේ යැයි කියන ඡංගම දුරකථනය ගල් ලෙන ආසන්නයේ තිබී පොලිසිය විසින් පසුව සොයා ගනු ඇත.

භාවනානු යෝගීව වැඩ වාසය කරන එම හිමියන් කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

Related posts

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

colombotoday

රාජපක්ෂලා කරේ යෝධ හොරකම්.. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති ඇමතිලා හොරු නෙවෙයි – චන්ද්‍රිකා

colombotoday

දේශබන්දුට එරෙහිව සාක්ෂි දුන් මාතර DIGට මරණ තර්ජන!

colombotoday

ජනතාව දකින තරම් සතුටක් මේ පුංචි ප්‍රේමදාසට නෑ

colombotoday

හමුදා භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 2221 දැනටමත් බෙදා දී අවසන් – යුද හමුදාපති

colombotoday