Colombo Today Local News

නවීන තාක්ෂණය සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට සූදානම් – ජනපති කියයි

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි නවීන තාක්ෂණය සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමග ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළ අතර මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.

Related posts

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සම කරයි

Admin

ක්‍රිකට් තරඟ පාවාදීමක් දඩය එක්කෝටි දසලක්ෂයයි

Admin

ජාතික ගීය දෙමළෙන් ගයනවට විරුද්ධ වන්නේ රට බෙදන්න කැමති අයයි – අජිත් පී පෙරේරා

colombotoday

අනුරුද්ධ පොල්ගම්පොල අත්අඩංගුවට ගනී

colombotoday

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

colombotoday

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday