Colombo Today Local News

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

අස්වැසුම ප්‍රතිලාභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)දිනයේ සිට ආරම්භ කරන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දෙලක්ෂ 17,000කි.

එම විරෝධතා දින 5ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතයි.

මේ අතර, ගැටලු නිරාකරණය වි ඇති අස්වැසුම ප්‍රතිලාභීන් 15 ලක්ෂයකට පළමු වාරිකය මුදා හැරීම ලබන සතියේ සිදුකෙරෙන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

Related posts

බුදු දහම විනාශ කරන්න ඇමරිකානු CIA කුමන්ත්‍රණයක් – මල්වතු අනුනාහිමියෝ හෙළිකරති

colombotoday

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin

සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගයේ වැඩ ඇරඹේ

colombotoday

වැල්ලවායේ රිය අනතුරින් තිදෙනෙකු මරුට

colombotoday

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

colombotoday