Colombo Today Local News

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

මන්නාරම, පරප්පාකණ්ඩාල් ප්‍රදේශයේ දී යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා මන්නාරම කඳවුරේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 252ක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි යාපනය, සුල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

සැකකරු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday

කොටි ගුවන් හමුදාවේ නියෝජ්‍ය නායකයා නඩු නැතිවම නිදහස්

colombotoday

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday