Colombo Today Local News

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇතිවූ අමතර කොටස් හිඟය සහ මිලදීගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ඉවත් කර තිබූ බස් රථ මෙලෙස අලුත්වැඩියා කර ඇත.

වසර 03කට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමට මෙලෙස මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි.

ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175 සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාළ අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.

මෙම බස්රථ 175න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබාදීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අදාළ ඩිපෝ වෙත භාරදීමට නියමිතය.

Related posts

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

වෙස්වලා ගත් විමර්ශන නිලධාරීන් විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා කොල්ලකයි

colombotoday

‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

colombotoday

මැයි දිනයෙන් පසු රාජපක්ෂවරුන්ගෙන් නව දේශපාලන පක්ෂයක් !

colombotoday

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday