Colombo Today Local News

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික ඖෂධ නියාම අධිකාරියේ 31 හැවිරිදි සේවකයකු ඊයේ මිය ගොස් තිබේ.

නිලන්ත කෞෂාන් නමැති ඔහු ජුනි 28 වැනිදා සිට ජුලි 01 වැනිදා දක්වා රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බව සඳහන් ය.

එහිදි ප්‍රතිකාර කිරීම සඳහා කැනියුලාව යෙදූ ස්ථානයේ ඇති වී තිබූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් පසුව ඔහු ජුලි 05 වැනිදා පානදුර රෝහලට ඇතුළත් වී තිබිණ.

පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිල්රුක්ෂි ධීරසිංහ මහත්මිය සඳහන් කරන්නේ, ඔහු පරික්ෂා කිරීමේදී ලේවල විෂබීජ ආසාදන තතත්වයක් හා හෘදය ආශ්‍රිතව ආසාදන තතත්වයක් හඳුනාගත් බවයි.

වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා ඔහු මාරු කර යැවීමට හෘද රෝග දැඩිසත්කාර ඒකකයක් ඇති රෝහලක් සොයා ගැනීමට තමන් දැඩි පරිශ්‍රමයක් දැරු බව ඇය සඳහන් කළා ය.

ඇය ප්‍රකාශ කෙළ්, රෝගියා ඇතුළත් කිරිම සඳහා කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල වැනි රෝහල්වලින් ද සඳහා විමසිම් සිදු කළ බවයි.

වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම කිසිදු රෝහලක දැඩි සත්කාර ඒකකවල හිස් ඇඳක් නොතිබූ බවයි.

Related posts

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

colombotoday

එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලපෑම්වලට එරෙහිව ජනිපෙ අද කොළඹදී වීදි බසී !

colombotoday

නාමල් කුරුණෑගලට?

Admin

ආන්දෝලනාත්මක වීඩියෝව ගැන මහචාර්ය චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක් !

colombotoday

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday