Colombo Today Local News

නාමල් කුරුණෑගලට?

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සූදානම් වෙයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සමගද සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

මීට පෙර නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වන නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද බෙදීයාම සැලකිල්ලට ගනිමින් වැඩි ඡන්ද දායක ප්‍රමාණයක් නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට ඔහුගේ අවධානය යොමු වී තිබේ.

නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරන නාමල් රාජපක්ෂ මහතාගේ මෙම තීරණයත් සමග එම දිස්ත්‍රික්කයෙන් දෙදෙනාටම පාර්ලිමේන්තු ඒමේ හැකියාවක් ඇද්දයි ගැටළුවක් මතුවී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී ලංකාවේම ලබාගත් ඡුන්ද ප්‍රමාණය අනුව එක ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයක් පමණක් ලබා ගැනීමේ හැකියාව ඇති අතර කිසිදු දිස්ත්‍රික්කයකින් ඔවුන්ට සෘජුව මන්ත්‍රී ධුරයක් එම ප‍්‍රථිපලය අනුව හිමි නොවෙයි.

Related posts

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday

ධීවර ප්‍රජාව වෙනුවෙන් පත්කල රනිල්ගේ කමිටුවකට සජබ මන්ත්‍රීවරුන් තිදෙනෙක්

colombotoday

නීතිපතිගේ විරෝධය ප්‍රතික්ෂේපයි. බැසිල් පත්කිරීමට එරෙහි පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin