Colombo Today Local News

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස්, එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු, අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් අතරින් 39 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි 07 දෙනා ගෘහ සේවකයන් බව වාර්තා වෙයි.

මොවුන් දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව රැදී සිට සිට ඇති අතර, පසුව ඔවුන් විවිධ අසනීපවලට ගොදුරු වීම, පෞද්ගලික ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පවුල් වල ගැටළු මතු වීම නිසා, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබේ.

මෙසේ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 2,000 කට අධික පිරිසක් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා පවසයි.

මෙසේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීම පිළිබඳව කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග පසුගියදා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව ගත් කඩිනම් පියවර මත, තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එවා තිබේ.

Related posts

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

colombotoday

අලුත් පක්ෂයක් හැදුවොත් දඩුවම් දෙනවලු ! මට අදාල නෑනේ… “අදාල නෑනේ” මහින්ද Version එක මෙන්න

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් ගේ පියායි.

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට පවසා දුරකථන ඇමතුම් දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ගැන පැමිණිලි 50ක්

colombotoday

චාරයක් නැති තෙවරප්පෙරුම වැනි ඇමැතිලාගේ බුද්ධි මට්ටම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජා විය යුතුයි.

colombotoday