Colombo Today Local News

පොලිස්පතිගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

පොලිස්පති ධුරයේ රාජකාරී කිරීම සඳහා තවත් මාස 3ක සේවා දිගුවක් සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දෙමින් ඊට අදාළ ජනපතිගේ නිර්දේශය අනුමත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇතැයි කතානායකවරයා පවසයි.

ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (10) දිනයේ දී අදාළ නිර්දේශය තමන් වෙත යොමු කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ලබන සතියේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන බව කතානායකවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා සී.ඩී. වික්‍රමරත්න මහතාට දෙවන වරටත් තවත් මාස 3ක කාලය සඳහා සේවා දිගුවක් ලබා දුන්නේ පසුගිය ඉරිදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

Related posts

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

colombotoday

ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත දිවයිනට

colombotoday

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

විල්පත්තු මායිමේ වනාන්තර 04ක් සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කෙරේ

colombotoday

අයිය-මලෝ- බිරින්දෑවරු මන්නා-කතුරුවලින් ඇනකොටා ගෙන..

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයින්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin