පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ සිවිලිමේ එල්ලා ඇති සුවිසල් විදුලි පහන ඊයේ දිනයේදී හදිසියේම පහලට ඇද වැටී ඇති බව පැවසේ.
නඩත්තු කටයුතු සදහා මෙම පහන සාමාන්‍යයෙන් මසකට වරක් විදුලි මෝටර් හා කේබල් ආධාරයෙන් පහලට ගන්නා අතර, ඉන්පසු නියමිත උස මට්ටමෙන් නැවත සවිකරනු ලබයි.
ඉයේ දිනයේ නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් පසු නැවති තිබූ ස්ථානයේ රැදවීමට යාමේදී පහන පහලට විත් පොලවට අඩි දෙකක් පමණ උසින් නතර වී ඇත. සේවා අංශ විසින් වහා ක්‍රියාත්මක වී නියමිත ස්ථානයෙන් පහන ඔසවා තබා ඇත.