Colombo Today Local News

න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී ලංකා රජය උතුරු කොරියාවට විරෝධය දක්වයි

උතුරු කොරියානු රජය විසින් ඊයේ (28දා) සිදුකළ මිසයිල අත්හදා බැලීම ශ්‍රී ලංකා රජය හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ කොන්දේසි බිඳ දැමීමක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

උතුරු කොරියාව දිගින් දිගටම ජාත්‍යන්තර සාමයට බලපෑම් එල්ල කරමින් පරමාණු හා බැලැස්ටික් මිසයිල අත්හදා බලමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.

සාමය හා ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් මෙවැනි අත්හදා බැලීම්වලින් වැළකෙන්නැයි පවසන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිල යෝජනා කඩ කිරීම කලාපය තුළ සෘණාත්මක තත්ත්වයකට හේතුවෙනු ඇතැයිද සඳහහන් කරයි.

ජාත්‍යන්තරය එකතුවී මේ සඳහා ඉක්මන් විසදුවක් ලබාදිය යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

අපිත් පුළුල් පෙරමුණක් හදනවා.. 2020 දී මේ ආණ්ඩුව පෙරළා දමනවා – අනුර දිසානායක

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin

මහ බැංකු අධිපති නිකුත් කල අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනය

colombotoday

කුඩාවැල්ල ධීවර වරායේ යාත්‍රාවක් ගිනි ගනී

colombotoday